2016/05/27

කිරිදිවැල සංඝමිත්තා බාලිකා විධ්‍යාලයේ පැවති කලා උලේලේ දී පැවැත්වූ දේශනයේ සාරාංශය..... (14.05.2015)

කිරිදිවැල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පැවති කලා උලේලේ දී පැවැත්වූ දේශනයේ සාරාංශය.....(14.05.2015)

දරුවනි......
මෙතන සිටින ඔබ විසින් ඇඳ තිබූ වටිනා චිත්‍ර සියල්ල මම අගය කරනවා! රස විඳිනවා ! නමුත් මම දන්නවා ඔබ කිසිවෙක් අනාගතයේ දී චිත්‍ර ශිල්පිනියක ලෙස වෘතිකයෙක් වෙන්න කැමති නැති බව...!. ඔබේ දෙමාපියන් ගේ ප්‍රාර්ථනාවත් එය නොවෙන බව මම දන්නවා...මාත් හිතන්නේ නෑ එහෙම වෙන්න ඔන කියලා...

ඒවගේම ප්‍රාර්ථනා කරන්නෙත් නෑ ඔබ අතරින් කෙනෙක් චිත්රෙ ශිල්පිනියක් විය යුතුය කියලා....
නමුත් මම ප්‍රාර්ථනා කරනවා.. ඔබ සැවොම හොඳ නිර්මාණ රසවිඳි හැකි රසවතුන් පිරිසක් වන්න ඕන කියලා...! !

අපි පංති කාමරය තුළදී විෂය නිර්දේශයට අනුව කරන අධ්‍යාපන කටයුතු වලට චිත්‍ර විෂය අයිති නැති වෙන්න පුලුවන්... ඒත් ඒ විෂය ගැන දැනුමක් අවබෝධයක් හැකියාවක් ඔබට තියෙනවානම්, ඔබ විද්‍යාව, වානිජ, කලා හෝ තාක්ෂණ විෂය ධාරාවන් හැදෑරුවත් ඒවා වැඩි දියුණු කර ගන්න චිත්‍ර කලාව ඔබට උපකාරි වේවි....මග පෙන්වාවි.

මට කාටුන් චිත්‍ර කලාව ගැන කතා කරන්න ආරාධනය කරල තියෙනවා..
එය විෂය නිර්දේශයටත් අයිතියි ලු.
හොඳයි... කාටුන් චිත්‍රය කියන්නේ මහා විශ්වය වගේ වන චිත්‍ර කලා වපසරියක් තුළ තියෙන පුංචි ග්‍රහ ලෝකයක්.

මම එහෙම කියන්නේ ඇයි? අපි දන්නවා විශ්වය හා එකට බැඳුණු විවිධ ග්‍රහ ලෝක රාශියක් තියෙන බව. ඒවායේ ගුණය, නැතිනම් පිහිටීම හා පැවැත්ම එකිනෙකට වෙනස්
මේ ග්‍රහලෝක වගේ කලා ලෝකයේ තියෙන විවිධ කලාංගයන් ගේ ගුණයත්, පැවැත්මත් විතරත් නෙවෙයි, රසයත් වෙනස්. . ඒ නිසා මේවා රස විඳිනකොට අපිට ඒ ගැන හොද අවබෝධයක්, දැනුමක් තියෙන්න ඕනෑ. නැතිනම් අපි අමාරුවේ වැටෙනවා.

ඇයි මම එහම කියන්නේ...?

අපි නිර්මාණාත්මක චිත්‍රය නැතිනම් පේන්ටින් එකක් කියල හඳුන්වන චිත්‍රයත්.. වාණිජ චිත්‍රයත්... අප කොමර්ෂල් ආට් කියල හඳුන්වන කලාවත්... කාටුන් කලාවත්.. අනිත් කලාංගයන් එක්ක එකම තලයක තියල රස විඳින්න බෑ. 

ඒ ඒ චිත්‍ර මාධ්‍යයන් හසුරවන්නේ විවිධ අරමුණු සදහා. ඒවයේ අරමුණු, මාධ්ය, තාක්ෂණය එකිනෙකට පරස් පරයි. එකක වැඩිවෙන ගුනයක් අනිකකදී අඩුවෙන්න පුලවන්. මෙය සංඛීර්ණ තත්ත්වයක්. මේවා ගැන පංති කාමරයේ දි ඔබට කියල දෙනවද කියල මා ඇත්තටම දන්නේ නැ... සිලබස් එකේ තියෙනවද දන්නෙත් නෑ. නමුත් මේවා තමා දැනගත යුතුම දේවල්. 

කොහොම හරි කමක් නෑ... කාටුන් කලාව උපදින්නේ මුද්රිත මාධ්‍යත් එක්ක. එය සීමා සහිත වපසරියක ජීවය ලැබුවත් විශාල ජනකොටසක් අතරට යන කලා මාධ්‍යක්. එයින් නිසි ප්‍රයෝජනයක් අපි ගන්නවාද ? නැද්ද? කියන එක වෙනම ප්‍රශ්නයක්. හැබැයි ඒ ගැනත් හිතන්න.

අපි හැමෝම කාටුන් ශිල්පියෝ. මම එහෙම කිව්වොත් ඔබට හිනා යයි. කමක් නෑ.. නමුත් ජීවිතයේ එක් වරක් හෝ අපිහැම කෙනෙක්ම කාටුන් ඒකක් ඇදලා තිායනවා. නැතිනම් කාටුන් එකකට සුදුසු සිතුවිල්ලක් වත් හිතේ පහල කරගෙන තියෙනවා...‍ නමුත් ඔවුන් එය දන්නෙ නෑ.

විශේෂයෙන් ඔබ වැනි දරුවන් කාටුන් ශිල්පීන්ට බොහෝ සෙයින් සමාන වෙනවා.
මට අවසර දෙන්න පොඩි කතාත්දරයක් කියන්න...

ඉස්සර එකමත් එක රටක හිටපු රජකෙනෙකු ගේ මාලිගාවට හොරෙක් පැන්නා.

මේ හොරා රාජපුරුෂයන් විසින් අල්ලා ගත්තෙ රජ තුමාගේ ඇඳුම් වියන විශේෂ කාමරයේ දී. ඉතිං රාජ පුරුෂයෝ හොරාගෙන් ප්‍රශ්න අහන කොට හොරා කිව්වා මම ආවේ රජ්ජුරුවන්ට ලෝකෙ තියෙන හොඳම ඇඳුම වියල දෙන්න කියලා. රාජ නියෝගයකට අනුවයි කියලා.රාජපුරුෂයෝ ඒ කතාව පිළි ගත්තා. ඒ අයත් කැමතියිනේ රජ්ජුරුවන් ගේ ප්‍රසාදයට ලක්වෙන්න. වාසි ලැබෙන්නේ එතකොටනේ. 

මේ හොරාට දැන් රාජපුරුෂයෝ එකතුවෙලා රජතුමාගේ සලුව වියන්න ඕන සියලු පහසුකම් සලසලා දුන්නා. කෑම, බීමවිතරක් නෙවෙයි ඊල්ලපු සියලු පහසුකම් දුන්නා.. ඉල්ල්න ඉල්ලන දේ දැන් මේ හොරාට ලැබෙනවා.... එයා සලුව වියනවා, වියනවා,.!..වියනවා.!!වියනවා!! එත් රාජපුරුෂයන්ට සලුව පේන්නේත් නෑ... ! සලුව වියල ඉවරවෙන්නෙත් නෑ!! මේ ගැන රාජ පුරුෂයන් හොරාගෙන් අහනවා. හොරා මොකක්ද කිව්වෙ දන්නවද?. හොරා කිව්වා එ් වියන සලුව පේන්නේ ..

බොහොම උගත්, නැණවත් අයට විතරයි කියලා. දැන් හැම දෙනාම කලබල උනා. කවුද කැමති තමන් මෝඩයෙක් කියල කියන්න. නැතිනම් පෙන්වන්න.. 

ඔය බොරුවට සහතික අරගෙන තනතුරු දරණ මෝඩයන්ට මේ සලුව පේනෙන්නේ නෑ කියලත් හොරා කිව්වා.....දැන් හරිම ගැටලුවක් ඇතිවුණා. 
සලුව බලන්න ආව රාජපුරුෂයෝ විතරක් නෙවෙයි, රජයේ උසස් නිලධාරීන්ටත් සලුව පෙනුනේ නෑ. නමුත් ඒ කවුරුත් කිව්වෙ නෑ සලුව පෙනෙන්නේ නෑ කියලා.

ඒ ඇයි?. ඒ කවුරුත් කැමතිවුනේ නෑ තමන් මොඩයෙක් කියලා අනිත් අයට පෙන්වන්න. රජයේ මැති ඇමතිවරුත් මේ උගුලේ අහුවුණා...
දන්නවද? රාජ්‍ය නිධාරීන් , උගතුන් , බුද්ධිමතුන් විතරක් නෙවෙයි අන්තිමේදී රජ්ජුරුවොත් මෝඩයෙක් වෙන්න අකමැති නිසා මේ සලුවේ ලස්සන වර්ණනා කළා...

දැන් මේ සලුව ඇඳගෙන රජ්ජුරුවෝ රට වටේ සංචාරය කරන නැකැත් දවසත් ආවා. ඔබ හැමෝම පෙරහැර දැකලා ඇතිනේ ... පෙරහැරේ දැන් දියවඩන නිලමේ යන ගාම්භීර ගමන් විලාසය මතකද?

අන්න ඒවගේ ජ්ජුරුවෝ අර හොරා වියපු සලුවත් ඇඳගෙන වීදි සංචාරය කරනවා..!. අග මෙහෙසියයි අංතප්පුර බිසෝවරුයි.. මැති ඇමතියොයි, නිලධාරියෝ ඔක්කෝමයී පස්සෙන් එනවා. හක් පිඹිනවා. කොඩි ලෙළ දෙනවා.. නැට්ටුවෝ නටනවා... පෙරහැර හරිම ලස්නයි..... රට වැසියෝ රජ්ජුරුවන්ගේ පුදුම ඇඳුම දෙස බලාගෙන සතුටු වෙනවා. එහි ඇති වර්ණ, මෝස්තර ගැන වර්ණනා කරනවා. ඒ අයත් මෝඩයො යෙන්න කැමතිනෑනේ.....

නමුත් මේ පෙරහැර බලන්න ආපු ඔබලා වැනි ළමයින් පිරිසක් මේ සිද්ධිය දැකලා කලබල වුණා... ඒ අයට හිනා ගියා ... හු.හූ හූ .උ උ උ ..කියාගෙන රජ්ජුරුවො ඉස්සරහට ගිය මේ ළමයි කිව්වා මොකද මේ මහ රජ්ජුරුවො හෙලුවෙන් යන්නේ කියලා.......

ඔන්න දැන් කාට කාටත් අවබෝද වුණා පන්ඩිත බව පෙන්වන්න ගිහින් තමන්ම රුවටුනා නේද? කියලා.....ඉතිං ලග හිටපු දේවින් වහන්සේ කෙනෙක් ගෙන් සලුවක් ඉල්ලාගෙන රජ්ජුරුවෝ තමන්ගේ හෙලුව වහගෙන මාලිගාවට ගියා කියමුකෝ.......

හරි....ඇයි මම මේ කතාව ඔබට දැන් කිව්වේ...??

සාමාන්‍යයෙන් අපේ මිනිස්සු හැමදාම හැම හොරාටම අහුවෙන නිසා. රුවටෙන නිසා..! .බලයට රුවටෙන නිසා..!. තමන්තේ දැනුම ගැන විස්වාසයක් නැති නිසා..!. විශේෂයෙන් වැඩිහිටියෝ ඇත්ත.. යුක්ත පිලිගන්නේ නෑ . තමන්ගේ වාසිට..!!

අර රජ්ජුරුරවන්ගේ නිලධාරි සහ ජනතාව වගේ මෝඩ වැඩ කරනවා.... නමුත් අවංක.. නරක් නොවු හිත් ඇති ළමයි ඇත්ත දකිනවා...ඇත්ත කියනවා...මේ ගුණය වැඩිහිටියන් වුනාමත් අපි රැක ගන්නේ නෑ.. ඒක අපිරැක ගන්න ඕනෑ ..!

විශේෂයෙන් කාටුන් ශිල්පීන් ගේ කාර්ය භාරයත් අර ළමයින්ගේ කාර්ය භාරයට සමානයි...මට කියන්න ඒන වුනේ ඒකයි. ඇයි මම ඒහෙම කියන්නේ... 
ඔවුන් තමන් දුටු ඇත්ත එදා රජ්ජුරුවන්ට නොකිව්වා නම්.... ලොකු ලොකු ලාබ ප්‍රෙයා්ජන බලාපොරොත්තුව ඉන්න ඇමතිවරු හින්දා අදත් රජා ඉන්නේ හෙලුවෙන් . 

කාටුන් නිර්මාණ ශිල්පියෙක් සහ සුලඹ උගත් වැඩිහිටියාත් අතර දැවැන්ත වෙනසක් තියනවා.
සුලඹ වැඩිහිටියා කොතරම් උගතෙක් වුනත් තමන්ගෙ වාසිට ඕනම නරක, මෝඩ, පහත් වැඩක් කරනවා...!එහෙම කරන එක නරකයි..! වැරදියි..!

වරදක්, කවුරු හරි කරනවා නම් එය පෙන්වලදෙන එක හොද ගනියක්..! අද සමහරැ කියන්නේ ඒක මොඩකමක් කියලයි. නමුත් ඒ කතාව වැරදියි.
කාටුන් නිර්මාණ ශිල්පියා හැම විටම කරන්නේ අර පුංචි ළමයි වගේ ඇත්ත රටට පෙන්වල දෙන එක...!

නමුත් අපේ රටේ ඒක ඒවිදිහටම සිදුවෙනවද කියන එක වෙනම ප්‍රශ්නයක් .!
ඒ නිසා මේ දේවල් ගැන ඔබලා තවදුරටත් හිතන්න ඕන.! සාකච්ඡා කරන්න ඕන.!!එහෙම හිතල එවැනි දේවල් ගැන හොද අවබෝධයෙන් හිටියොත් පටු පරමාර්ථ සදහා වැරදිවැඩ කරන, එවැනි වැඩවලට අනුබල දෙන අයට ඔබට ඇත්ත පෙන්වල දේන්න පුලුවන් වෙයි. අර පුංචි ළදයි කලා වගේ. 

ඔබ කවද හරි වැඩි හිටියෙක් වුනාම දැනුම අවභෝධය ඇති වැඩිහිටියෙක් වෙන්න ඕනෑ. වැඩිහිටි වෙන මනස කුනුකන්දල් වලින් අපිරිසිදු නොකර තියාගන්න ඕනෑ. ළමයෙකුගේ මනස වගේ පිරිසිදුව තියාගන්න ඕනෑ. එහෙම කරන්න කියල මම ඔබට ආරාධනය කරනවා.... හැබෑ කාටුන් ශිල්පියත් , නිර්මාණ ශිල්පීන් හැමෝමත් නිතර නිතරම අභ්‍යාස කරලා පිරිසිදු කරගන්නේ මනසයි.. කලා නිර්මාණ වලින් සමාජයේ ජීවක්වෙන අය ගේ මනසටයි කතා කරන්නේ.. ඒ නිර්මාණ හරහා මිනිසුන්ගේ මනස පිරිසිදු වෙනවා. ඒ මනස පිරිසිදු වෙන එකට අකමැත් පිරිසකුත් ඉන්නවා.. කවුරු වගේ අයද? අර සාලුව වියපු හොරා වගේ අය....

කුරුවල් වුන මනස් ඇති මිනිසුන්ටක්, කුරුවල් වුන උගතුන්ටත් අර එකමත් එක රටක හිටිය අයවගේ වෙන්න ඉඩ නොතියන්න කටයුතු කරන්න ඔබට පුලුවන් වෙන්නේ මේවා ගැන හොද අවභෝධයකින් හිටියොත් පමනයි. කාටුන් කලාවෙන් ඔබට කියන්නේ එයයි.

11 comments:

  1. //
    නමුත් ඒ කතාව වැරදියි.


    කාටුන් නිර්මාණ ශිල්පියා හැම විටම කරන්නේ අර පුංචි ළමයි වගේ ඇත්ත රටට පෙන්වල දෙන එක...!






    නමුත් අපේ රටේ ඒක ඒවිදිහටම සිදුවෙනවද කියන එක වෙනම ප්‍රශ්නයක් .!//

    හරියට හරි....ඒ දේ අපේ රටේ සිද්ද වෙනවද?නෑ....වර්ථමාන බහුතර කාටූන් ශිල්පීන් දේශපාලකයිනෙ වැරදි පෙන්නල දෙන එක ඇත්ත...හැබැයි ඒ වැරදි පෙන්වන්නෙ තව පාලකයෙක්ගෙ කරේ ඉඳගෙන....පවතින රජයට බහුතරව පක්ෂව හා සුලුතරව ඉඳහිට විපක්ෂව මත පලකරන කාටූන් ශිල්පීන් ජාතික පුවත්පත්වල පවා ඉන්නව කියන එක ඔබතුමා පිළිගන්නව ඇති...එසේනම් මෙය වෙනස් වියයුතු තැනක් ඇත්ද?වෙනස් විය යුතුනම් ඒ කෙසේද?නැතිනම් එය වෙනස් නොකල යුතුද?ශිල්පියාට පක්ෂවීමට හෝ විපක්ෂවීමට හැකියාවක් ඇත්ද?

    ReplyDelete
    Replies
    1. මේ ගැන ගැඹුරු සාකච්ඡාවත් ඇතිවෙනවා නම් හොදයි.! නිර්මාණ ශීලි ගැඹුරු කලාවක් බිහිවීමට එය පාදක වේවි. නමුත් මේ පවතින ක්‍රමය තුල ඊට ඇති ඉඩකඩ සීමිතයි...

      Delete
    2. //නිර්මාණ ශීලි ගැඹුරු කලාවක්//

      නිමානශීලී නම් එය තුල අලුත් යමක් ගැබ්ව තිබියයුතුයි...එය අප නොදකින නොසිතන යමක් වියයුතුයි නේද?අපි දකින දේ කාටූන් එකක් විදිහට එලියට දාපුවහම ඒකෙ නිර්මාශීලී බවක් නෑ නේද?

      මම හිතන්නෙ කාටුන් ශිල්පිය කියන්ඩ ඕනෙ රජතුමා හෙලුවෙන් යනව කියල නෙවේ.....අන්න රජ්ජුරුවන්ගෙ බිජ්ජ පේනව කියල...

      Delete
  2. මට දැනෙන්නේ
    කාටුන් චිත්‍රය මිනිහගේ දැනෙන තැනටම ඩොන් ගලා දෙනවා ආයේ වැනිලි නෑ...
    ඉතින් ටිකකට රිදෙනවා..
    ගොඩකට හීනි සතුටක් දැනෙනවා..
    රිදෙන්නේ වැරදිකාරයන්ට..
    සතුටක් දැනෙන්නේ අවදියෙන් ඉන්න මිනිස්සුන්ට..
    කණගාටුව තමයි..
    දැන්..දැන්... රිදෙන ගොඩ වැඩිවෙනවා.. දැනෙන ගොඩ අඩුවෙනවා

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න නම් උසස් සමාජ කියවීමක් සහිතවූ නිර්මාණ බිහිවෙන්න ඕන. දැන් තියෙන්නේ මඩ ගහන ඒවා.. ඒවායේ විචාරාත්මක ගුනයෙන් පිරි නිර්මාණ අඩුයි.. එහෙම පැත්තකුත් තියෙනවා....

      Delete
  3. කතාව හරි. කාටූන් ශිල්පියා සමාජ ගැටලුවක් අගේට ඉදිරිපත් කරනවා. නමුත් ඔවුන් සමහරක් ඒ ඉදිරිපත් කරන්නේ ඇත්තද බොරුද කියන ගැටලුව තියෙනවා. එතෙනදි ඔවුන්ට යම් කිසි ලාභ වරප්‍රසාද ලැබෙනවාදෝ යන හැගීමක් මතුවෙනවා.

    ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. මට නම් මෙතන ගැටලුවක් තියෙනවා...සමාජයේ අපි හැමෝටම පේන ගැටලුව නැවත ඇදල ඉදිරිපත් කරල වැඩක් තියෙනවයෑ....අපිට නැතිනම් වැඩිදෙනෙකුට නොපෙනෙන හෝ. නොපෙනුනා සේ ඉදීම යි පෙන්නා දිය යුතුවන්නේ. අර පරන කතාවේ කියැවෙන්නේත් ඒකයි. ඒය නිර්මාණාත්මකයි. නමුත් වර්තමානයේ මේ නිර්මාණාත්මක ප්‍රෙව්ශය දුර්වල බවයි පේන්නේ...ඒවගේම වර්ථමානයේ නිවැරදි ඉලක්කය ග්‍රහනය කරගන්නා බවකුත් පේන්නේ නෑ...ඒකයි ඔබට අර මොනවදෝ ලැබෙනවද කියල සැක පහල වෙන්නේ...

      Delete
  4. කලාකරැවෙකුගේ නිර්මාන තමන්ගේ ජීවිතයට බද්දයි. අනන්්‍යතාව /සාර්තකත්වය මතුවෙන්නේ ඔතකොට. කලාකරැවෙකුට දේශපාලන මතයක් නැද්ද? බැහැර වෙන්න පුලුවන්ද? සමාජයේ බොහොමයක් ගැටලු තුළ දේශපාලනය තියෙනවා. අනෙක කලාකරැවෝ සමාජයේ දැක්මක් සහිත පුද්ගලයෝ. පෙරගමන් කරැවෝ. කලාකරැවාගේ නිර්මාන තුළින් දේශපාලන කියවීමක් තිබුනාට කමක් නෑ කියන එකයි මගේ අදහසනම්. හැබැයි ඒක නිවැරදි බුද්ධිමත් කියවීමක් වෙන්න උවමනයි. ඔතකොට නිර්මාන කරැවයි නිර්මානයයි පිළිගන්න හා නොගන්න පිරිසක් ඇති වෙනවා. ඒත් සත්‍ය තත්ත්වය එළිපෙහෙළි වෙනකොට කලාකරැවා නිවැරදියි කියලා පිළිගනීවි. කොහොම වෙතත් මධස්ත බව රැකගැනීම තමයි පක්ෂ/විපක්ෂ වීමට වඩා අසීරැ...

    ReplyDelete
  5. ///////නමුත් මම ප්‍රාර්ථනා කරනවා.. ඔබ සැවොම හොඳ නිර්මාණ රසවිඳි හැකි රසවතුන් පිරිසක් වන්න ඕන කියලා...! !/////////////

    මම හිතන්නේ අපේ සමාජයේ තියෙන ලොකුම අඩුව තමයි මේ. රස වින්දනය කඩා වැටීම.

    ReplyDelete
    Replies
    1. ඔව්.. අපි මේක තේරුම් ගත්තට..මේක නිවැරදි කරගන්න උත්සාහ ගන්නේ නෑ... ගන්න බවක් පේන්නෙවත් නෑ... එහෙම පියවරක් ගන්න අයකු කලාතුරකින්, කොහේහරි ඉන්නවා දැක්කොත් එයාගෙත් කකුලෙන් අදින බවයි පේන්නේ.....

      Delete